නිතර අසන ප්‍රශ්ණ
1. භාවිතයට නොගත් විදේශ සංචාරක දීමනාව තැන්පත් කිරීමෙන් නව පුද්ගලික විදේශ මුදල් ගිණුමක් (PFCA) විවෘත කළ හැකිද?
නැත. භාවිතයට නොගත් විදේශ මුදල් තැන්පත් කිරීමෙන් නව පුද්ගලික විදේශ මුදල් ගිණුමක් (PFCA)විවෘත කළ නොහැකි අතර ඒවා දේශීය මුදල් සඳහා බලයලත් වෙළෙන්දෙකුට හෝ පරිසීමිත වෙළෙන්දෙකුට විකිණීමට අවශ්‍ය වේ.
2. නව ගිණුම් විවෘත කිරීමේදී බැංකුවලට ඉදිරිපත් කළ යුත්තේ කුමන ආකාරයේ ලේඛනමය සාක්ෂිද?
බලයලත් වෙළෙඳුන්ට (බැංකු) නිකුත් කර ඇති අදාළ විධානයන්හි දක්වා ඇති ලියකියවිලි / තොරතුරු හැරුණු විට, ඔවුන්ගේ සාමාන්‍ය බැංකු භාවිතයන්, ක්‍රියා පටිපාටි සහ අදාළ ‘ගනුදෙනුකරු හඳුනාගැනීමේ’රෙගුලාසිමත පදනම්ව පනතේ අවසරය අනුව වෙනත් ඕනෑම ලේඛනයක් / තොරතුරු බැංකුවෙන් ඉල්ලා සිටිය හැකිය.
3. පුද්ගලික විදේශ මුදල් ගිණුම් (PFCA) විවෘත කිරීමට ද්විත්ව පුරවැසියන් සුදුසුකම් ලබන්නේද?
ඔව්. ද්විත්ව පුරවැසියන් ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් හෝ අනේවාසිකයන් වේවා පුද්ගලික විදේශ මුදල් ගිණුම් (PFCA) විවෘත කිරීමට සුදුසුකම් ලබයි.
(2017 අංක 3 රෙගුලාසි වල II වන උපලේඛනයේ 1 (1) ඡේදය බලන්න)
4. නිත්‍ය විදේශ විනිමය ආදායමක් නොමැතිව ඕනෑම ශ්‍රී ලාංකික පදිංචිකරුවෙකුට පුද්ගලික විදේශ මුදල් ගිණුමක් (PFCA) විවෘත කළ හැකිද?
ඔව්. බැංකු පද්ධතිය හරහා ආමුඛ ප්‍රේෂණ ලෙස හෝ අනේවාසික පුද්ගලයෙකුගෙන්/ වෙනත් පුද්ගලයෙකුගේ පුද්ගලික විදේශ මුදල් ගිණුමක් (PFCA)වෙතින් විදේශ විනිමය ලබා ගන්නා ඕනෑම පුද්ගලයෙකුට පුද්ගලික විදේශ මුදල් ගිණුමක් (PFCA) විවෘත කළ හැකිය.
5. ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි පුද්ගලයකු ශ්‍රී ලංකාවේ පදිංචිකරුවෙකුට විදේශ මුදල් ප්‍රේෂණය කරන්නේ නම්, එම අරමුදල් සමඟ ලබන්නාට පුද්ගලික විදේශ මුදල් ගිණුමක් (PFCA) විවෘත කළ හැකිද?
ඔව්. බැංකුපද්ධතිය හරහා ලැබෙන ඕනෑම ආකාරයක ආමුඛ ප්‍රේෂණයකින් පුද්ගලික විදේශ මුදල් ගිණුමක් (PFCA) විවෘත කළ හැකිය.
6. පුද්ගලික විදේශ මුදල් ගිණුම් (PFCAs) සහ ව්‍යාපාර විදේශ මුදල් ගිණුම් (BFCAs) හිමියන්ට කිසියම් කටයුත්තක් සඳහා විදේශ මුදල් නෝට්ටු ආපසු ලබා ගත හැකිද?
නැත. විදේශ මුදල් ආපසු ගැනීම කළ හැක්කේ උපරිම ඇමරිකානු ඩොලර් 10,000 ට හෝ සමාන වෙනත් විදේශ මුදල් වර්ගයකට සංචාරක අරමුණු සඳහා පමණි.
(2017 අංක 3 රෙගුලාසි වල II වන උපලේඛනයේ 1 (3) (උ) ඡේදය බලන්න)
1. ආමුඛ ආයෝජන ගිණුමක් (IIA) හරහා කරන ලද ආයෝජනයකින් උපයන ලද ජංගම සහ රඳවා ගත් ලාභ ප්‍රේෂණය කිරීමේ ස්ථාවරය කුමක්ද?
ජංගමගනුදෙනු සඳහා නිකුත් කර ඇති 2017 අංක 01 දරණ විධානයට අනුව වත්මන් වර්ෂයේ ලාභය ප්‍රේෂණය කළ හැකි අතර ප්‍රාග්ධන ගනුදෙනු පිළිබඳ 2017 අංක 1 දරණ රෙගුලාසි II වන උපලේඛනයේ 2 (d) ඡේදය ප්‍රකාරව රඳවා ගත් ලාභ ප්‍රේෂණය කළ හැකිය.
2. වෛද්‍යමය අරමුණු සඳහා මුදල් ප්‍රේෂණය කළ හැකිද?
ජංගම ගනුදෙනු ලෙස සලකනු ලබන බැවින් බලයලත් වෙළෙඳුන්ටඅවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් වෛද්‍ය අරමුණු හා සම්බන්ධ සියලු වියදම් පියවා ගත හැකිය.(2017 අංක 1විධානයේII වන උපලේඛනයේ 3.1.1 බලන්න)
3. “මුදල් තෑගි” ජංගම ගනුදෙනු වලට යටත් වේද?
නැත.ජංගමගනුදෙනු යටතේ අවසර දී ඇත්තේ ආහාර, ඇඳුම් පැළඳුම් සහ වෙනත් පාරිභෝගික භාණ්ඩ, වෛද්‍ය සැපයුම් ආදිය සඳහා වන ගනුදෙනු පමණි.
1. දින 182 කට වැඩි කාලයක් තාවකාලික පදනමින් ශ්‍රී ලංකාවෙන් පිටත ගිය අය “අනේවාසිකයින්” ලෙස සැලකේ. එමනිසා, දින 182 කට වැඩි කාලයක් සංචාර සඳහා ගොස් දැන් ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයකු ගිණුමක් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටිනවිටඔහුගේ නේවාසික තත්වය කුමක්ද?
ශ්‍රී ලංකාවේ පුරවැසියන් නැවත මෙරටට පැමිණිවිටශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් ලෙස සලකනු ලබන්නේ ඔවුන් එවැනි තාවකාලික සංචාරයන් ‘සංචාරක වීසා’ මත සිදුකරඇති බැවිනි. එබැවින් ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් සඳහා ලබා ගත හැකි ඕනෑම ගිණුම් වර්ගයක් විවෘත කිරීමට ඔවුන් සුදුසුකම් ලබයි.
1. රෙගුලාසියට අනුව, දින 182 කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවෙන් පිටත ගත කළ පුද්ගලයින් අනේවාසිකයින් ලෙස සැලකිය යුතුය. එබැවින්, ශ්‍රී ලංකාවට පැමිණි ද්විත්ව පුරවැසියන් ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම් කිරීමට සුදුසුකම් නොලබන්නේද?
ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරු කාඩ්පත් (ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළුව) ශ්‍රී ලංකාවේ ඕනෑම පුද්ගලයෙකුට නිකුත් කළ හැකිය. එබැවින්, රෙගුලාසි වල අර්ථ දක්වා ඇති පරිදි නේවාසික තත්ත්වය කුමක් වුවත්, කාඩ්පත අයදුම් කරන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සිටී නම් ඕනෑම ද්විත්ව පුරවැසියෙකුට ක්‍රෙඩිට් කාඩ්පතක් ලබා ගත හැකිය. තවද, ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචිකරුවන් ලෙස අර්ථ දක්වා ඇති ද්විත්ව පුරවැසියන්ට ඇප වශයෙන් තබා ඇති ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ විදේශ මුදල් ගිණුම්වල ඇති අරමුදල් 90% ක සීමාවක් දක්වා ක්‍රෙඩිට් කාඩ්පත් ලබා ගත හැකිය. (2017 අංක 02 දරණ විධානය බලන්න)
1. විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද නියමය මගින් ආනයන සඳහා විදේශ ව්‍යවහාර මුදලින් කරනු ලබන ගෙවීම් අත්හිටුවීමක්/සීමා කිරීමක් සිදු කර තිබේද?
නැත. එකී නියමය මගින් ආනයන සඳහා කරනු ලබන ගෙවීම් අත්හිටුවීමක්/සීමා කිරීමක් සිදු කර නොමැත.
2. විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද නියමය මගින් අධ්‍යාපන වියදම්, ජීවන වියදම් සහ වෙනත් අරමුණු සඳහා වන ජංගම ගනුදෙනු සඳහා කරනු ලබන ප්‍රතිමුඛ ප්‍රේෂණ අත්හිටුවීමක්/සීමා කිරීමක් සිදු කර තිබේද?
නැත. එකී නියමය මගින් අධ්‍යාපන වියදම්, ජීවන වියදම් සහ වෙනත් අරමුණු සඳහා වන ජංගම ගනුදෙනු සඳහා කරනු ලබන ගෙවීම් අත්හිටුවීමක්/සීමා කිරීමක් සිදු කර නොමැත.
3. විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද නියමය මගින්, පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් සහ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හරහා සිදු කරනු ලබන ප්‍රතිමුඛ ප්‍රේෂණ අත්හිටුවීමක්/සීමා කිරීමක් සිදු කර තිබේද?
එකී නියමය මගින් පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් සහ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හරහා ජංගම ගනුදෙනු සඳහා කරනු ලබන ගෙවීම් සීමා කර නොමැත.
එසේ වුවද, මෙම නියමය බලපැවැත්වෙන කාලපරිච්ඡේදය තුළ, ඉහත ගිණුම් හරහා ප්‍රාග්ධන ගනුදෙනු සඳහා කරනු ලබන ගෙවිම් සීමා කර ඇත.
4. විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද නියමය මගින් ආමුඛ ආයෝජන ගිණුම් හරහා අනේවාසික පුද්ගලයන් විසින් ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලද ආයෝජනවලට අදාළ ලාභාංශ සහ අනෙකුත් ප්‍රාග්ධන ලැබීම් සඳහා වන ගෙවීම් අත්හිටුවීමක්/සීමා කිරීමක් සිදු කර තිබේද?
නැත. එකී නියමය මගින් ලාභාංශ සහ අනෙකුත් ප්‍රාග්ධන ලැබීම් සඳහා වන ගෙවීම් අත්හිටුවීමක්/සීමා කිරීමක් සිදු කර නොමැත.
5. විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ වන නියමය බලපැවැත්වෙන කාල පරිච්ඡේදය තුළ විගාමිකයන්ට ඔවුන් සතුව ශ්‍රී ලංකාවෙහි ශ්‍රී ලංකා රුපියල් වලින් ඇති අරමුදල් සිය රට වෙත රැගෙනයාම සිදු කළ හැකිද?
ඔව්. එකී නියමය බලපැවැත්වෙන කාලපරිච්ඡේදය තුළ පළමුවරට සංක්‍රමණික දීමනාවට හිමිකම් පාන විගාමිකයෙකුට එ.ජ.ඩොලර් 100,000 ක් ප්‍රේෂණය කළ හැකිය.