අංශයන්හි ආකෘතිය සහ අංශවල ක්‍රියාකාරකම්

විදේශ විනිමය දෙපාර්තමේන්තුවට පවරන ලද වර්තමාන වගකීම්වලට අනුකූලව, එහි ක්‍රියාකාරකම් පහත අංශයන් තුළින් පවත්වාගෙන යනු ලැබේ.

 
ප්‍රාග්ධන ගණුදෙනු අංශය

දෙපාර්තමේන්තුවේ ප්‍රාග්ධන ගනුදෙනු සම්බන්ධ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීම

 
ප්‍රතිපත්ති සහ පර්යේෂණ අංශය

දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්ති සැලසුම් ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීම.

 
සංඛ්යාන, මෙහෙයුම් හා විමර්ශන අංශය

සංඛ්යාන, මෙහෙයුම් හා විමර්ශන අංශය මගින් විදේශ විනිමය ගණුදෙනු සම්බන්ධයෙන් විධිවිධානවලට අනුකූලව ක්‍රියාත්මක වන බව නිරීක්ෂණය කරමින් එම දත්ත එක්රැස් කිරීම සහ පවත්වාගෙන යාම මගින් මහ බැංකුවේ ඉදිරි ප්‍රතිපත්ති සැලසුම් කිරීමේ දී කාර්යක්ෂම ලෙසින් විදේශ විනිමය කළමනාකරණයක් පවත්වාගෙන යාමට දායක වේ.

 
පාලන අංශය

දෙපාර්තමේන්තුවේ සහායක කටයුතු පවත්වාගෙන යාම.